ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගිය අතර ඉන්දීය ජාතිකයන් ඇතුළු 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ජර්මනියේ මැග්ඩෙබර්ග් හි නත්තල් වෙලඳපොලකට එල්ල වූ “බිහිසුණු සහ අඥාන” ප්‍රහාරය ඉන්දියාව හෙළා දැක තිබේ.
“ජර්මනියේ මැග්ඩෙබර්ග්හි නත්තල් වෙළඳපොළක සිදුවූ බිහිසුණු සහ අඥාන ප්‍රහාරය අපි හෙළා දකිමු. වටිනා ජීවිත කිහිපයක් අහිමි වී ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇත. අපගේ සිතුවිලි සහ යාඥාවන් වින්දිතයන් සමඟයි, ”විදේශ කටයුතු අමාත්‍යාංශය සෙනසුරාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
සෞදි වෛද්‍යවරයකු දෙසැම්බර් 20 වැනිදා ජනාකීර්ණ නත්තල් වෙළෙඳ පොළට කළු පැහැති බී.එම්.ඩබ්ලිව් රථයක් හිතාමතාම පදවාගෙන යාමත් සමඟ මෙම සිද්ධිය සිදුවී ඇත. මෝටර් රථයේ රියදුරු 50 හැවිරිදි වෛද්‍යවරයකු වන තයෙබ් ඒ ලෙස හඳුනාගෙන ඇත.
මාධ්‍ය වාර්තා කරන පරිදි සිද්ධියෙන් ඉන්දීය ජාතිකයින් හත් දෙනෙකු ද තුවාල ලබා ඇත.
"අපගේ දූත මණ්ඩලය තුවාල ලැබූ ඉන්දියානුවන් මෙන්ම ඔවුන්ගේ පවුල් සමඟ සම්බන්ධ වී සිටින අතර හැකි සෑම ආධාරයක්ම ලබා දෙයි," ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.